Local

සජිත් ජනාධිපති වුනාම රට පාලනය කරන්නේ රජ කාලෙ නීතිය අනුවයි…

Friday, 13 September 2024 - 1:07 pm

ජනාධිපතිවරයා බවට පත්විමෙන් අනතුරුව පෘතුගීසි පාලනයට පෙර පැවැති මෙරට නීතිය යලි ස්ථාපිත කරන්නැයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංඟුන වැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

කුලියාපිටිය ප්‍රදේශයේදී පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

“ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත් නූල් කඹ ගණන් බැඳ ගත්තු ඔය නායකයෝ 48 ඉඳලා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙනවා දේවාලගම් පනතේ අල්ප මාත්‍රයක් වෙනතුරු සංශෝධනය කරලා නැහැ.

මේ රට තියෙන්නේ පෘතුගීසිකාරයා යටත් කරගන්න පෙර තිබුණු අපේ රට නිර්මාණය කරලා දීපන් කියල අපි කිව්වේ සජිත් ප්‍රේමදාසට. ඊට පස්සේ ඔහු පිළිගත්තා අපිට අපේ රටේ තිබුණු නීතියයි අවශ්‍ය කියල.

අද අපිට පුළුවන්ද සුද්ද ගැසට් කරලා තියෙන අවුරුදු එකසිය ගාණක් තියෙන පුරාවිද්‍යා නීතියට අනුව කොඩියක් දාන්න පුළුවන්ද? ලෙනක බුදු පිළිමයක් තියන්න පුළුවන්ද? අපේ තන්තිරිමලේ නායක හාමුදුරුවෝ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් තියනවා තන්තිරිමලේ.

රන්වැටක් දැම්මා කියල පුරාවිද්‍යා එකෙන් නඩු දාලා. කෝ බෞද්ධකම මේ රටේ. මේ රට පාලනය කළ බෞද්ධ නායකයෝ මේක සංශෝධනය කළාද? සුද්දා යන කොට යතුරු දාලා ඉබ්බො දාලා යතුර අරන් ගිහින්. ඇරගන්න යතුර නැහැ”


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT