Local

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සමග ඇල්ලූ ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට

Monday, 02 December 2024 - 7:57 pm

ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි සැකකරුවන් අද (02) කොළඹ වරායට රැගෙන විත් තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගජභා නෞකාව මේ සඳහා එක්වී තිබූ අතර ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සිදුකෙරුණු බුද්ධි තොරතුරු හුවමාරුවකින් අනතුරුවයි අදාළ නෞකාව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබුණේ.

එහි එක් යාත්‍රාවක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් පමණ තිබූ අතර අනෙක් යාත්‍රාව එහි සහායට ගොස් තිබූ එකක් බවටයි තොරතුරු අනාවරණය වුණේ.

එම බහුදින යාත්‍රා සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිස පසුගිය 24 වනදා ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගැනුණු අතර එම අයිස් මත්ද්‍රව්‍ය තොගය, බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් පසුගිය 29 වනදා ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව වෙත ඉන්දීය නාවික හමුදාව විසින් භාරදී තිබුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT