Local

නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය යුගය 21න් පසු බිහිකරනවා - සජිත්

Sunday, 15 September 2024 - 9:29 pm

මෙරට නිදහස් සෞඛයේ ස්වර්ණමය යුගය 21 වනදායින් පසු බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ ඊයේ (14) පැවති සෞඛ්‍ය සමුළුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

'21 වනදායින් පස්සේ අපිම ප්‍රශ්න කරපු ප්‍රශ්නවලට උත්තර සපයන අවස්ථාව එළැඹෙනවා. සුපුරුදු රාමුවකට කොටුවෙලා රාජ්‍ය ආයෝජන, රාජ්‍ය අරමුදල්වලින් පමණක් අපට මේ රටේ සෞඛ්‍ය කේෂ්ත්‍රය ගොඩනඟන්න බැහැ. අපි අලුත් විදිහකට හිතන්න ඕනේ. අපි අදහස් කරනවා හැම MOH කොට්ඨාසයකට කැපකරු ආදාරක ක්‍රමවේදයක් පටන් ගන්න. හැම රෝහලකටම කැපකරු ආදාරක ක්‍රමවේදයක් පටන් ගන්න. විවිධ අය කියාගෙන යනවා ඒ අය දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස මෙච්චර මුදල් වෙන්කරනවා කියලා. නමුත් රාජ්‍ය ආයෝජන විතරක් මදි මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගොඩ නගන්න. ඒ නිසා අලුත් විදිහට හිතලා මේ රටේ සමස්ත රෝහල්  1,164ත් MOH කොට්ඨාස  354ත් කේන්ද්‍ර කරගෙන රෝග නිවාරණ වැඩසටහක් ක්‍රියාත්ම කරනවා. මම පිළිගන්නවා RD යටතේ තවත් රෝග නිවාරණ වැඩසටහන් රැසක් තියෙනවා. නමුත් MOH කොට්ඨාසට කේන්ද්‍ර කරගෙන අපි කැපකරු ක්‍රමයක් ආරම්භ කරනවා වැඩිපුර සම්පත් ප්‍රමාණයක් ලබාදීලා. ඔබ ලබාදෙන සෞඛ්‍ය සේවාව වඩාත් ප්‍රසස්ථ, විශිෂ්ට කාර්යක්ෂම සේවයක් බවට පත්කර අපේ රටේ ජනතාවගේ ජන ජීවිත සුඛිත මුදිත කරන්න, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් නිර්මානය කරන්න අපි කටයුතු කරනවා. අපේ රට නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය සංවර්ධන යුගය බිහිකරන්න අවශ්‍ය සියලුම ශක්තිය රාජ්‍ය මට්ටමින්,  රාජ්‍ය නොවන මට්ටමින් ලබාදෙන්න අපි කැපවෙනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT