මහමැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු පැවසුවේ තවත් පක්ෂ කිහිපයක් සමග සන්ධානගතව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි ද අවධානය යොමු ව ඇති බවය.
මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීම සදහා පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.