Local

මහනුවරින් සිලින්ඩරයේ පහක් පාර්ලිමේන්තු එනවා..

Monday, 14 October 2024 - 8:26 pm

2024 මහ මැතිවරණයෙන් ගෑස් සිලින්ඩරයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරන අපෙක්ෂකයන් පස්දෙනෙකු පාර්ලිමේන්තුවට රැගෙන යන බව එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ මහ මැතිවරණයේ ප්‍රචාරක රැස්විමක් නාවලපිටිය නගරයේ පිහිටි මහින්දානන්ද පදනම් කාර්යාලයේ පැවති අවස්තාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මේ රටේ බහුතර ජනතාවක් එකට එකතු වි රටේ ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා තොරාපත් කරගත් බවයි.

අනුර කුමාර දිසානායක මහතා බලයට පත් විමෙන් අනතුරුව මේ රටේ සැබැ විප්ලවයක් සිදු කරන බවට ජන්දය ලබාදුන් ජනතාව විශ්වාස කලද එවැන්නක් මෙතෙක් සිදු වි නොමැති බවත්, ගමේ සංවර්ධනයට ගමේ කෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කල යුතු බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මෙම ප්‍රචාරක රැස්විමට එම සන්ධානය යටතේ තරග කරන අපෙක්ෂක අනුරාධ ජයරත්න, එස්.වේළුකුමාර්, ශාන්තිනි කොන්ගහ යන මහත්ම මහත්මියන්ද සහභාගි විය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT