Local

අපරාධ කිසිවක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ තබන්නේ නැහැ - ජනපති

Wednesday, 22 January 2025 - 8:49 pm

අපරාධ කිසිවක් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආන්දෝලනයට තුඩුදී ඇති ඝාතන සම්බන්ධ පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශාල නිලධාරීන් ප්‍රමාණයක් පසුගිය රජයන් විසින් විවිධ ප්‍රදේශවලට මාරුකර යවා ඇති බවත්, ඔවුන් යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ගැනීමට යම් කාලයක් ගත වූ බවයි ඊයේ (21) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

වසර 16 කට පසු ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන විට අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති නමුත් අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරන බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ ද යහපත් ආකාරයෙන් සිදුවන බවට නිලධාරීන් වාර්තා කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

විදෙස් රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන 65 දෙනෙකුට එරෙහිව රතු වරෙන්තු ලබාගෙන ඇති බවද, මෙරට බන්ධානාගාර ඇතුළත සිට අපරාධ මෙහෙයවීම වැළැක්වීම සඳහා වන වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ද පසුගිය ආරක්ෂක කවුන්සිලයේදී තීරණයක් ගත් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එක්තරා හමුදා කඳවුරකින් T-56 ගිනි අවි 73 ක් එකවර පාතාල කණ්ඩායම් අතට ගොස් ඇති බවත්, එම අවිවලින් 38 ක් මේ වන විට සොයාගෙන ඇති අතර, තවත් 35 ක් අපරාධ කල්ලි සතුව ගැවසෙන බවත්, සමහර අපරාධයන් සඳහා උසස් නිලධාරීන්ගේ සම්බන්ධකම් ඇති බවට අනාවරණය වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

මේවා මැඩ පැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට නව ව්‍යුහයක් හඳුන්වා දී ඇති බවත්, එහිදී පාතාලය හා මත් කුඩු මර්දනය කිරීම සඳහා අවශ්‍ය ඒකකයන් පිහිටුවීමට කටයුතු කරන බවයි බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT