Local

ඊශ්‍රායලයේ කෘෂි රැකියා ගැන හදිසි දැනුම් දීමක්

Friday, 05 January 2024 - 8:14 pm

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා ලබාදීම සඳහා ගාල්ල, බූස්ස හා වැලිගම යන ප්‍රදේශවල පදිංචි තරුණයින් දෙදෙනෙකුගෙන් සැකකරු රුපියල් ලක්ෂ 3 බැගින් මුදල් ලබාගෙන ඇත. ඊශ්‍රායල් රැකියා සඳහා කිසිඳු පුද්ගලයෙකුට මුදල් ලබානොදෙන ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිදුකළ ප්‍රකාශ අනුව මොහු පිළිබඳව සැක සිතූ එම තරුණයින් දෙදෙනා කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත.

ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අදාල පුද්ගලයා කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලබාගැනීම සඳහා මෙම සැකකරුට මුදල් ලබාදී ඇති තැනැත්තන් වේ නම් 0112864241 යන අංකය ඔස්සේ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි කරන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෙරට අතර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකරන අතර, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT