Local

වත්කම් සහ බැරකම් ප්‍රකාශ නීතිය සංශෝධනය කෙරේ

Wednesday, 06 March 2024 - 7:51 am

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත මඟින් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩවලට අමතරව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 80වන වගන්තිය මඟින් තවත් නිලධාරීන් හා පුද්ගල කාණ්ඩ ගණනාවක් විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා තිබෙනවා.

මෙම නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්, පළාත් පාලන ආයතනවල තෝරා පත් කර ගනු ලැබූ සභිකයන් සහ මාණ්ඩලික නිලධරයන්, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විනිසුරුවරුන් සහ රජයේ නිලධරයන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන රජයේ නිලධරයන්, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන අධිකරණ නිලධරයන් සහ ලේඛනගත රජයේ නිලධරයන්, අමාත්‍යාංශවල සහ රජයේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධරයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඉ) ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරනු ලබන ලද ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළත් බවයි සඳහන් වෙන්නේ.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාවේ උප ලේඛනයේ නිශ්චිතව දක්වා ඇති කොමිෂන් සභාවල අවස්ථාවෝචිත පරිදි, කොමිෂන් සභාවේ සභාපතිවරුන් හෝ සාමාජිකයන් ලෙස පත් කරනු ලබන තැනැත්තන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ රාජ්‍ය බැංකුවල මාණ්ඩලික නිලධරයන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ(1)(ඇ) ව්‍යවස්ථාව යටතේ හෝ යම් ප්‍රඥප්තියක් යටතේ පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභාවල මාණ්ඩලික නිලධරයන්, යම් ප්‍රඥප්තියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද ස්වාධීන නියාමන සහ අධීක්ෂන කොමිෂන් සභාවල හෝ පුද්ගල මණ්ඩලවල සභාපතිවරු, කොමසාරිස්වරු, සාමාජිකයන් සහ මාණ්ඩලික නිලධරයන්, යම් ප්‍රඥප්තියක් මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද යම් රාජ්‍ය සංස්ථාවක සභාපතිවරු, අධ්‍යක්ෂවරු, මණ්ඩලවල සාමාජිකයන්, විධායක නිලධරයන් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන්ද මීට ඇතුළත්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.  

news images news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT