Local

වරාය හා ගුවන්තොටුපොළ E ගේට්ටු පද්ධති ස්ථාපනය කඩිනම් කෙරේ

Saturday, 17 May 2025 - 10:22 am

ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගිය දා වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

මෙම රැස්වීම සඳහා වරාය හා සිවිල්ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා , මහජන අරාක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා, ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා, ජපානයේ අන්තර්කාලීන කාර්ය මණ්ඩල ප්‍රධානී කමෝෂිඩා නාඕකි මහතා, IOM ආයතනයේ දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මිය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය , ගුවන්තොටුපොළ , රේගුව , විදේශ කටයුතු අමාත්‍යංශය වැනි ආයතන නියෝජනය කරමින් මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ දී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කල අතර ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස යම් යම් වෙනස්කම් කරමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අවධානය යොමු කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT