Sports

පැරිස් ඔලිම්පික් උලෙළේ පළමු ස්ථානය අමෙරිකාව ට

Monday, 12 August 2024 - 9:03 am

දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් විය.

රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් මෙහොතේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට අමෙරිකාව සමත් විය.

ඒ එතෙක් පදක්කම් සටහනේ පෙරමුණ ගෙනසිටි චීනය දෙවැනි ස්ථානය ඇද දමමිනි.

අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනා ගත්තේය.

දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගනු ලැබීය.

තුන්වැනි ස්ථානය ජපානය සතු විය.

විචිත්‍රවත් වු සමාප්ති උලෙළට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටාඩ් ඩී ෆ්‍රරාන්ස් ක්‍රීඩාගාරයට පැමිණියේය.

එහිදී ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශන ට පැවරී තිබුණි.

වැයුම් ගැයුම්වලින් අලංකාර වු පැරිස් ඔලිම්පික් උලෙළේ සමාප්තිය සියැසින් දැක බලා ගැනීම සඳහා ප්‍රෙක්ෂකයින් 70,000කට ඉඩකඩ වෙන් කර තිබීමත් කැපී පෙනෙන කරුණක් විය.

අනතුරුව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් 2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වු බව ප්‍රකාශ කළේය.

34වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය අමෙරිකාවට හිමිවන බව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය අමෙරිකාවට භාර දෙනු ලැබීය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT