පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කර ඇතිබව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසූවාය.
එලෙස එම සෞඛ්‍ය සහතිකය නොමැතිව ඌරන් ප්‍රවාහනය කිරීමට ඉඩ ලබා නොදෙයි.
ඒ අනුව ඒ සඳහා කොට්ඨාස භාර පශු වෛද්‍යවරයෙකුගෙන් සෞඛ්‍ය සහතිකය ලබා ගත යුතුය.
මේ වනවිට ප්‍රාදේශීය පශු වෛද්‍යවරුන් විසින් ඌරන් සඳහා ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවද එහිදී පැවසුවාය.
පවතින තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ඌරු ගොවිපල හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වැඩිදුරටත් පැවසුවාය.
මේ දිනවල ඌරන් අතර ප්‍රජනන හා ස්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝගයක් පැතිරෙමින් තිබේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර , වයඹ හා උතුරු මැද පළාත් ඇතුළු ප්‍රදේශ රැසකින් එම රෝගය වැළදුණු ඌරන් හඳුනා ගෙන ඇති බවයි.
රෝගය වැළඳී මිය ගිය ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.