Local

ත්‍රස්ත ග්‍රහණයේ සිටින ලාංකිකයන් නිදහස් කර ගැනීමට මියන්මාරයේ සහාය

Sunday, 07 January 2024 - 11:27 am

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකිකයන් 56 දෙනා මුදා ගැනීම සදහා සහාය දැක්වීමට එරට රජය තීරණය කර තිබේ.

මියන්මාර බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකගත්වයට පැමිණි බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා පැවසීය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මියන්මාරයේ මයාවාඩි ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සයිබර් වහල් සේවයේ යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සදහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා තායිලන්තයේදී මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය තාන් ශ්‍රී මහතා හමුවී සාකච්ඡා කළේය. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් නිදහස් කිරීමේ කටයුතු සම්පාදනය කෙරුණි.

මේ සම්බන්ධයෙන් මීට දින තුනකට පෙරද යළි ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකිකයන් මුදා ගැනිම සදහා එරට රජයේ සහාය දැක්වීමට තීරණය කර ඇති බව තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT