Sports

මතීෂ මුම්බායි ඉනිම වනසයි

Monday, 15 April 2024 - 12:32 pm

රෝහිත් ෂර්මාගේ නොදැවුණු ශතකය අපතේ යවමින් මතීෂ පතිරණගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම (14) සමත් විය.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක් ලබා ගනිමින්ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා ප්‍රකාශ කර ඇත්තේ, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ 29 වන තරඟයේදී තම කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වැඩිම සහයෝගය ලබාදුන්නේ, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ පන්දු යැවීම බවයි.

අටවැනි ඕවරයේදී කිසිවකු නොදැවී ලකුණු 70ක් ලබා ප්‍රබල ආරම්භයක් ලබා සිටි මුම්බායි පිලේ වේගය අඩාළ කරමින් පතිරණගේ ආකර්ශනීය සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28 කට මුම්බායි ප්‍රබල කඩුලු 4ක් දවා ගනිමින් සුපර් කිංග්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේය.

හිටපු නායක රෝහිත් ෂර්මාගේ ශතකයක් වාර්තා කර තිබියදීත්, ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදව් දවාලීම ඇතුළු පතිරණ ලබාගත් තීරණාත්මක කදුලු මුම්බායි ඉනිම අඩාළ කළේය.

එම සුපිරි පන්දු යැවීම හේතුවෙන් මතීෂ පතිරණට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 186ක් පමණි.

තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ මතීෂ පතිරණ යි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT