Local

මිරිහානේ නිවසකින් යුවළකගේ මළ සිරුරු හමුවෙයි

Friday, 09 February 2024 - 9:37 am

මිරිහාන, ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසක් තුළ මීට දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවට සැකකෙරෙක මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි.

ඒ එම ප්‍රදේශයේ අසල්වැසියෙකු විසින් එම නිවසේ දින කිහිපයක සිට දුඟදක් හමන බවට මිරිහාන පොලිසියට කළ දැනුම් දීමකට අනුවය.

පොලිස් නිලධාරීන් ඊයේ (08) එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුර හමුවී තිබේ.

නිවසේ මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබූ බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇති පිරිමි පුද්ගලයා වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයෙකු වන අතර කාන්තාව වයස අවුරුදු 96ක් වන එ නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙය අපරාධයක් ද නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න පිළිබඳ මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT