Local

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ සේවාව දියත් කරයි

Wednesday, 04 September 2024 - 5:12 pm

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සැප්තැම්බර් 02 වැනිදා එම අමාත්‍යාංශයේ දී දියත් කරනු ලැබිණි.

නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය සඳහා ඉල්ලුම් කළ හැකිය. අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබා ගැනීමට පැමිණිමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවනු ලැබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, වැඩබලන විදේශ ලේකම් ශානිකා දිසානායක, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සිය අදහස් දැක්වීමේදී මහජනතාව සඳහා සේවා සැපයීමේදී කාර්යක්ෂමතාව සහ ඵලදායීබව ඉහළ නැංවීම පිණිස ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ඩිජිටල් සංක්‍රාන්තියේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව අ.පො.ස සා/පෙළ සහ උ/පෙළ සහතික සඳහා මාර්ගගත සත්‍යාපනය දියත් කිරීමත් සමඟ අමාත්‍යාංශයේ මාර්ගගත ලේඛන සත්‍යාපනයේ ගමන් මග ආරම්භ වූ බව ඔහු සඳහන් කළේය.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන උප්පැන්න, විවාහ සහ මරණ සහතික සඳහා මාර්ගගත සත්‍යාපනය හඳුන්වාදීම ඩිජිටල්කරණ ක්‍රියාවලියේ තවත් ප්‍රධාන සංධිස්ථානයක් සනිටුහන් කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. අධ්‍යාපන සහතික සහ උප්පැන්න, විවාහ, මරණ සහතික ප්‍රමාණය එක්ව ගත් විට කොන්සියුලර් කටයුතු අංශය මගින් දෛනිකව සත්‍යාපනය කරන ලියකියවිලිවලින් එය දළ වශයෙන් 55% ක ප්‍රමාණයක් වන බවද අවධාරණය කෙරිණි.

කොන්සියුලර් කටයුතු අංශය ලේඛන සත්‍යාපනය කිරීමේ සේවාවන් මහජනතාවට ඵලදායී ලෙස ලබා ගත හැකිවන පරිදි එහි විද්‍යුත් ලේඛන සත්‍යාපන පද්ධතිය (e-DAS) දේශීය විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, බ්‍රිතාන්‍ය කවුන්සිලය හා වෙ‍ළෙඳ මණ්ඩල ඇතුළු අනෙකුත් ප්‍රධාන රාජ්‍ය අධිකාරීන් සහ ආයතන සමඟ ඒකාබද්ධ කරමින් සිය මාර්ගගත ලේඛන සත්‍යාපන සේවා වැඩිදියුණු කිරීමට වැඩිදුර පියවර ගෙන ඇත.

උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල මාර්ගගත සත්‍යාපනය සඳහා වූ ක්‍රියා පටිපාටිය පහත පරිදි වේ:

– විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස සපයා ඇති ද්වාරය හරහා මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කරන්න: https://mfa.gov.lk/online-consular-services/

– විස්තර ඉදිරිපත් කළ පසු, අයදුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් කිරීමට සබැඳියක් ලැබෙනු ඇත. සහතික උත්පාදනය සහ සත්‍යාපනය සඳහා ගාස්තු මෙම සබැඳිය හරහා මාර්ගගතව ගෙවිය යුතුය.

– ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් පසු, සත්‍යාපනය කරන ලද ලේඛනය (පාරිභෝගික පිටපත) අයදුම්කරු විසින් සපයන ලද ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවනු ලැබේ. අවශ්‍ය පරිදි පාරිභෝගික පිටපත අදාළ විදේශ දූත මණ්ඩල වෙත ඉදිරිපත් කළ යුතුය.

අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ දුරකථන අංක වන 011-2338812 /0112-446302 ඇමතීම මගින් හෝ authentication.consular@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධවීමෙන් මේ පිළිබඳ විමසීම් සිදු කළ හැක.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT