Local

නැඟෙනහිර ගොඩගන්න ජනපති අනුග්‍රහයෙන් වැඩසටහනක් අවශ්‍යයි

Wednesday, 17 January 2024 - 3:57 pm

පාරවල්, පාලම් කඩා වැටී අධිබල විදුලි රැහැන් පද්ධතිවලටත් හානි සිදු වී ඇති අයුරු.

නැඟෙනහිර පළාතේ හානිපූර්ණය සඳහා ජනපති අනුග්‍රහයෙන් විශේෂ පුනරුත්ථාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු යැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අම්පාර ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් සිදුවූ හානි පිළිබඳ නිරීක්ෂණයට අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් වීරසිංහ මහතාගේ ආරාධනයෙන් එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුවය. එහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය. “මා අම්පාර ප්‍රදේශයේ සංචාරයට එක් වූයේ මෙම ප්‍රදේශයේ මන්ත්‍රී වීරසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව, පසුගිය දින කිහිපය තුළ මෙම ප්‍රදේශයේ ජනතාව ඉතිහාසයේ මුහුණදුන් විශාලතම ගංවතුර තර්ජනයට මුහුණදී මංමාවත්, විදුලිය, ජලාපවහන ක්‍රම ආදිය මුළුමනින්ම විනාශයට පත්ව තිබෙන අවස්ථාවකයි. මෙම ප්‍රදේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, අදාළ අමාත්‍යාංශ සමඟ එක්ව ජනාධිපතිතුමාගේ විශේෂ අනුග්‍රහය ලබා ගනිමින් කඩිනම් පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර මංමාවත් ඇතුළු හානියට පත් සියලු අංශ පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. අම්පාර දිස්ත්‍රික්කය පෙර පැවති තත්ත්වයට පත් කිරීම සඳහා වන කාර්යභාරය කඩිනමින් ඉටු කිරීම සඳහා සියලු අංශ එක්ව කටයුතු කළ යුතුයි.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT