Local

අම්පාර මහ රෝහලේ එන්ඩොස්කොපි යන්ත්‍රය කොට උඩ

Monday, 05 February 2024 - 8:35 am

වසර 3ක් තිස්සේ රෝගීන්ටවෙනත් රෝහල්වලට යන්න වෙලා

අම්පාර මහ රෝහලේ ඇති එන්ඩොස්කොපි යන්ත්‍රය කැඩී වසර තුනක් ගතව ඇතත් එය මෙතෙක් නවීකරණය නොකිරීම හේතුවෙන් එම පරීක්ෂණය සඳහා රෝගීන්ව මඩකලපුව, මහනුවර හෝ බදුල්ල රෝහල්වලට යැවීමට සිදුව තිබේ.

මෙම යන්ත්‍රය මඟින් උදරයේ ඇති රෝග කඩිනමින් හඳුනාගෙන ඒවාට එම අවස්ථාවේ ප්‍රතිකාර කිරීමට හැකියාව තිබේ. නමුත් නිසි වේලාවට පරීක්ෂණ කටයුතු කර රෝගීන්ගේ නියම රෝගී තත්ත්වය නිගමනය කිරීමට නොහැකි වීමෙන් අම්පාර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩල අපහසුතාවයට පත්වන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

උදරයේ ඇති පිලිකා රෝගී තත්ත්වයන්, ගලනාලයේ ඇති වෙන පිලිකා තත්ත්වයන් සහ ලේ වමනය කරන රෝගීන්ගේ රෝගී තත්ත්වයන් හඳුනා ගැනීමට මෙම එන්ඩොස්කොපි යන්ත්‍රයේ සේවාව අත්‍යවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙම රෝගී තත්ත්වයන් නියමිත අවස්ථාවලදී හඳුනා ගැනීමට නොහැකි වීමෙන් රෝගීන්ගේ ජීවිත අනතුරක පවතින බවද අම්පාර මහ රෝහලේ වෛද්‍යවරු පවසති.

මෙම යන්ත්‍රය ක්‍රියා විරහිතව ඇති බවට අම්පාර රෝහල මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇතත් එය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ රෝගීන් මහත් අපහසුතාවයට පත්ව තිබේ. එමෙන්ම මෙම පරීක්ෂණ කිරීමට වෙනත් රෝහල්වලට යැවීම නිසා විශාල වියදමක් ද අම්පාර මහ රෝහලට දැරිමට සිදුව ඇත.

මේ පිළිබඳව විමසීම සඳහා අම්පාර මහ රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලක්මාල් තෙන්නකෝන් මහතාගෙන් විමසූ විට පැවසුවේ මේ පිළිබඳව අදහසක් දීමට තමාට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බලයක් ලබා දී නැති බවයි. ඒ සඳහා සෞඛ්‍ය ලේකම්වරයා අමතන ලෙසද ඔහු පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT