Local

මෛත්‍රීගේ ඉල්ලීමට චීනයෙන් පසල් දරුවන්ට ලැබුණු තෑගි

Sunday, 17 March 2024 - 4:29 pm

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉල්ලීමක් මත චීන රජයේ ප්‍රදානයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල්වල ඉගෙනුම ලබන දුවා දරුවන් හට පාසල් පාවහන් බෙදාදිමේ වැඩසටහනක් ” ලක්දරු දිරිය පදනම” මගින් දියත් කර ඇති අතර එහි සමාරම්භක වැඩසටහන (16) පොළොන්නරුව අධ්‍යාපනය කලාපයේ ඕනෑගම සිංහරාජපුර ප්‍රාථමික විද්‍යාලයේදී සහ ලංකාපුර ගැමුණුපුර විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තනාපති කී. සෙන්හොංග්ස හ එම මැතිණිය, චීන තනාපති කාර්යාලයේ නිළධාරි, පොළොන්නරුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් ජයවර්ධන , පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක දහම් සිරිසේන මහතා, විදුහල්පතිනියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය, ජනතා නියෝජිතයින්, දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙම වැඩසටහන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනම ආවරණය වන පරිදි ක්‍රියාත්මත කිරිමට සැලසුම් කර ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සහයෝගය ලබා දුන් චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ ශ්‍රී ලංකාවේ චීන තනාපති කී. සෙන්හොංග් මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ගෞරවණිය ස්තුතිය පළ කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT