Local

චීන – ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය කරමින් වෙළෙඳ සහ සංස්කෘතික ප්‍රදර්ශනයක්

Friday, 26 January 2024 - 7:48 pm

මෙරට වෙළෙඳ, ආයෝජන අවස්ථා සහ සංස්කෘතිය පිළිබඳ වූ ප්‍රදර්ශනයක් මාර්තු මාසයේදී චීනයේ ෂියාන් ප්‍රාන්තයේ බඕජී (BAOJI) නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් පසුගියදා (23) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

සංස්කෘතික ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ව්‍යවසායකයින් සහ වෙළෙඳුන් 100කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා වූ ප්‍රදර්ශන කුටි 40කට අධික ස්ථාපිත කරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර ද ප්‍රවර්ධනය කිරීමට මෙම ප්‍රදර්ශනය සුවිසල් දායකත්වයක් දක්වන බව එහිදී චීන නියෝජිත කණ්ඩායම සඳහන් කළහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ද එක් වූ අතර චීන නියෝජිත කණ්ඩායම නියෝජනය කරමින් Liang Yong, Guo Fan, Li Xiangyang, Li Fei , Zhao Xiquan හා ශ්‍රී ලංකා සංවිධායකවරුන් ලෙස මාතලේ හිටපු උප නගරාධිපති හිල්මි මොහොමඩ්, හර්බි සිල්වා, මොහොමඩ් රෂීබ්, ගනේෂ් මහේන්ද්‍රන් සහ චලන ප්‍රනාන්දු යන පිරිස සහභාගි වූහ.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT