Business

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කරන්න ජපන් ආයෝජකයින් බලශක්ති ඇමති සමග සාකච්ඡා

Thursday, 05 June 2025 - 9:12 pm

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ.

විශේෂයෙන් සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම හදිසි තත්වයකදී වුවත් විදුලිබලය අවශ්‍ය වන රෝහල්, ආර්ථික හා ආරක්ෂක මර්මස්ථානවලට අඛණ්ඩව හා ස්ථාවරව විදුලි සැපයුම සහතික කෙරෙන ජපානයේ දැනට ප්‍රායෝගිකව භාවිතා වන නව තාක්ෂණය බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක් කෙරිණි.

එවන් විශේෂ ව්‍යාපෘතියකට අදාළ පුරෝගාමී (Pilot Project) ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහිදී යෝජනා කෙරුණු අතර, ඊට අමතරව මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා භවිත කළ හැකි නවීන විසඳුම් යෝජනාද සාකච්ඡාවට ලක් කෙරිණි.

නව රජයේ විනිවිද පෙනෙන සුළු හා විවෘත ආයෝජන ප්‍රතිපත්ති ජපන් ආයෝජකයින් තුළ මෙරට විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම කෙරෙහි විශාල දිරිගැන්වීමක් වී ඇති බවත්, විශේෂයෙන් විදුලි බල ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා තමන්ගේ විශේෂ අවධානයට ලක්වී ඇති බවත් එම ආයෝජකයින් ඇමතිවරයාට පවසා සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT