Local

මදුරුවන් බෝ වන තැන් ගැන 0117 966 366 අංකයට කියන්න

Monday, 08 January 2024 - 9:47 am

මදුරුවන් බෝවන ස්ථාන ඇත්නම් ඒ බව 0117966366 දුරකතනයට දැනුම් දිය හැකි බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. ඉකුත් දිනයේ මෙම දුරකතන අංකයට ඇමැතුම් 37ක් ලැබී ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය. ඩෙංගු මදුරු මර්දන සහ පාලන කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම හා සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් මාලාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (07) ප්‍රකාශ කළේය. මෙම විශේෂ වැඩසටහන ඊයේ (07) සිට 13 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. “ඔබේ පරිශ්‍රය මදුරුවන් බෝවීමට නොහැකි ලෙස තබාගන්න” යන්න තේමා කර ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේ බස්නාහිර කොළඹ දිස්ත්‍රික්කයේ සමාරම්ක වැඩසටහනක් සෞඛ්‍ය ‌ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් කොම්පඤ්ඤවීදිය වැල්ලවත්ත සහ විජේරාම ප්‍රදේශවලින් ඊයේ (07) ආරම්භ කෙරිණි.

සන්ධ්‍යා කරුණාරත්න, මැද කොළඹ සමූහ – අරියරත්න ගනේගොඩ


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT