Local

නාමයෝජනා දෙද්දී සියලු අපේ­ක්ෂ­ක­යන් වත්කම් බැර­කම් ප්‍රකාශ දිය යුතුයි අල්ලස් කොමි­සම කියයි

Thursday, 15 August 2024 - 8:50 am

දූෂණ විරෝධී පනතේ 89 වැනි වග­න්තිය පරිදි සියලු මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් තම නාම­යෝ­ජනා පත්‍ර භාර දෙන අව­ස්ථා­වේදී තමන්ගේ වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­යන් ද මැති­ව­රණ කොම­සා­රි­ස්ව­රයා වෙත භාර­දිය යුතු බව අල්ලස් කොමි­සම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

පනතේ 82 (2) ව්‍යති­රේ­ඛය ප්‍රකා­රව, ඡන්ද විම­සීමේ දිනය ප්‍රකාශ කරනු ලබන දිනය දක්වා, අදාළ වර්ෂය සඳහා වූ වත්කම් හා බැර­කම් ප්‍රකාශ සිදු කළ යුතු බව එම නිවේ­ද­නයේ දක්වා ඇත.

ඒ අනුව, එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා නාම­යෝ­ජනා භාර දීමට නිය­මිත අපේ­ක්ෂ­ක­යන් විසින් නාම­යෝ­ජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැර­කම් ප්‍රකාශ ද මැති­ව­රණ කොමි­ෂන් සභාව වෙත භාර දීමෙන් අන­තු­රුව, අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව වෙත භාර ගැනී­මට කට­යුතු කරනු ලබන බව ද එම නිවේ­ද­නයේ දක්වා ඇත.

අදාළ වත්කම් හා බැර­කම් ප්‍රකා­ශ­වල සංස්ක­ර­ණය කරන ලද පිට­පත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උප­ව­ග­න්ති­යට අනුව, අදාළ ප්‍රකා­ශ­වල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොර­තුරු හැර අනෙ­කුත් තොර­තුරු සහි­තව) කොමි­ෂන් සභාවේ නිල වෙබ් අඩ­විය මඟින් ප්‍රසිද්ධ කිරී­මට කට­යුතු කරනු ලබන බව කොමි­ෂන් සභාව වැඩි­දු­ර­ටත් දන්වා සිටියි.

 
 
 
 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT