Local

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර

Wednesday, 07 February 2024 - 7:59 am

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, ගුරු උපදේශක යන සේවාවල හා ගුරු සේවයේ නව පත්වීම් රැසක් ඉතා ඉක්මනින් ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඊට අමතර ව අතිරික්ත නිලධාරීන් සිටින සේවා ස්ථානවලින් ස්ථාන මාරුවීම් ලබා දීම හරහා නිලධාරී හිඟය පියවීමට කටයුතු කරන බව ද පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, උතුරු පළාතේ වවුනියාව, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන් සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවති වැඩසටහනකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ඉදිරියේ දී ඉතා කෙටිකලක් තුළ අධ්‍යාපන පරිපාලන සේවයේ පත්වීම් 460ක් පමණ බඳවා ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවසී ය. එමෙන් ම නඩු කටයුතු නිසා 2019 වසරේ සිට යටපත් ව පැවති විදුහල්පති සේවයේ නව පත්වීම් 4,672ක් මේ වන විට ලබා දී ඇති බවත් එයින් 4,400ක් මේ වන විට වැඩ භාරගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය. තරුණ ජවයක් සහිත නව පත්වීම්ලාභීන් රටේ ඕනෑ ම ප්‍රදේශයක අවම වශයෙන් වසර තුනක් වත් සේවය කිරීමට සූදානම් විය යුතු බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා නව පත්වීම්ලාභීන්ගේ පත්වීම් භාරගැනීම සම්බන්ධ ගැටලු‍ සාකච්ඡා කර පොදු එකඟතාවක පැමිණීම සඳහා සියලු‍ පාර්ශ්ව සහභාගී වන දෙදින වැඩසටහනක් කොළඹ දී පවත්වන බවත් එහි දී ගනු ලබන පොදු තීරණ අනුව විදුහල්පති සේවයේ ඉතිරි පත්වීම්ලාභීන්ට ද වැඩ භාරගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන අතර ම නිලධාරීන් අතිරික්ත ස්ථානවල සිට හිඟයක් පවතින ස්ථානවලට මාරු කර යවා නිලධාරී තුලනයක් සිදු කිරීමට ද පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේ ය.

ගුරු අධ්‍යාපනඥ සේවයේ ද නව බඳවාගැනීම් 700ක් සිදු කරන අතර නව ගුරු උපදේශක පත්වීම් ලබා දෙන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විදේශ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා 5,500ක පමණ නව ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බවත් පළාත් මට්ටමින් එම පත්වීම් දීමට අවශ්‍ය සියලු‍ කටයුතු අවසන් කර ඇති බවත් ජාතික පාසල් සඳහා පමණක් විභාගයක් පවත්වා ඉදිරි සති කිහිපය තුළ එම බඳවාගැනීම් සිදු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී කී ය.

මේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය සිවා සිවනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද එක් ව සිටියහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT