යාපනයේ පේදුරුතුඩුව පූරනෙයි ප්‍රදේශයේදී යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වඩමාරච්චි අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් පෙරේදා (01) මියගොස් තිබේ.
බරපතළ තුවාල ලැබූ නිලධාරියා පේදුරුතුඩුව රෝහලට රැගෙන යෑමෙන් පසු තත්ත්වය බරපතළ හෙයින් යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කර ඇත.
යෝගලිංගම් අරුල්කාන්තන් (33) නැමැති ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.
මියගිය පුද්ගලයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ඊට ඉදිරිපසින් පැමිණි මෝටර් රථයක යතුරුපැදිය මුහුණට මුහුණලා ගැටීමෙන් මේ අනතුර සිදුවිය. පේදුරුතුඩුව පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.