Local

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

Thursday, 08 May 2025 - 2:13 pm

පළාත් පාලන ඡන්ද ක්‍රමය අනුව, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය අනිවාර්යයෙන්ම රහස් ඡන්දයකින් තෝරාගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

කොළඹ මහ නගර සභාව තුළ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 117 ක් වන බවත්, එයින් අඩක් වන 58-59 වැනි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් බහුතරය ලෙස ලබාගත යුතු බවත්, නමුත් ආණ්ඩුවට ලැබී ඇත්තේ මන්ත්‍රී ධුර 48 ක් නිසා ඔවුන්ට බහුතර බලයක් ලැබී නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

මාලිමා ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී පවසා සිටියේ තමන් හැර අනෙක් පක්ෂ සියල්ලම හොරු යන බවද, දැන් බලය ලබා ගැනීම සඳහා සන්ධානගත විය හැකි යැයි පවසන්නේ එම හොරු සමගදැයි යන්න විමසා සිටින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාවාදීකම මෙයින් පෙන්නුම් කරන බවත්, තමාගේ බලය රැක ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් ඕනෑම දෙයක් සිදු කරන බවයි ඔහු පවසන්නේ.

කොළඹ මහ නගර සභාව තුළ ආණ්ඩුවට විපක්ෂව තරග කළ කණ්ඩායමට මන්ත්‍රී ධුර 69 ක් ලැබී ඇති බවත්, සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට එම හැම කෙනා සමගම, සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT