Local

අනුරපුර සිරගේ රැඳවූවකුට කිඹුල් ප්‍රහ‍ාරයක්

Wednesday, 24 January 2024 - 8:46 pm

මල්වතු ඔයට යාබදව වගා කටයුතුවල නිරතව ඉඳලා

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවූවකු පෙරේදා (22) රාත්‍රියේ කිඹුල් ප්‍රහාරයකට ලක් වී ඇත. කිඹුලා විසින් ඇදගෙන යන අවස්ථාවේ ඔහු දැඩි පරිශ්‍රමයක් යොදා කිඹුලාගෙන් බේරී තිබේ. සිද්ධියෙන් දැඩි ලෙස තුවාල ලැබූ ඒ රැඳවූවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවද වාර්තා වේ.

මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක් වී ඇත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරේ රඳවා සිටි 34 හැවිරිදි දමිළ ජාතික සිරකරුවෙකි. මොහු ඇතුළු පිරිසක් බන්ධනාගාර භූමියේ මල්වතු ඔයට යාබදව වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී උණ පඳුරක් ආසන්නයේ සැඟව සිටි කිඹුලකු මේ රැඳවූවාගේ කකුලෙන් අල්ලා මල්වතු ඔයට ඇදගෙන ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරියෙක් පැවසීය.

කිඹුල් ප්‍රහායෙන් මේ රැඳවූවාගේ එක් අතකට, කකුලකට සහ ගෙල ප්‍රදේශයට තුවාල සිදු වී ඇති අතර, තුවාලකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (23) උදෑසන ශල්‍ය කර්මයකට භාජනය කෙරිණි.

කිඹුල් ප්‍රහාරය එල්ල වූ ස්ථානයට මාධ්‍යවේදීන් පිරිසක් ඊයේ (23) උදෑසන යන විටත් විශාල ප්‍රමාණයේ කිඹුලකු මල්වතු ඔයේ ඒ මේ අත සැරි සරන අයුරු දැකගැනීමට හැකි විය. මල්වතු ඔයේ සිටින කිඹුලන් නිසා එම ඔය දෙපස වෙසෙන තම ජීවිතද මහත් අනතුරක ඇති බව ජනතාව පවසති. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් මේ වන විට මල්වතු ඔයෙහි බෝට්ටු සේවාවක්ද ආරම්භ කර ඇති අතර, ඒ සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේද ජීවිතය අනතුරේ ඇති බව ඔවුහු පෙන්වා දුන්හ. ප්‍රදේශවාසීහු වගකිව යුතු බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ මල්වතු ඔයේ සිටින කිඹුලන් අල්ලා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් දමන ලෙසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT