Local

උපායමාර්ගික සැලසුම ගැන දිලිත් පැහැදිලි කරයි

Wednesday, 04 September 2024 - 4:57 pm

තමා හැර සියලු ජනාධිපති අපේක්ෂකයින්ට ඔවුන් වටා සිටින දේශපාලන කණ්ඩායම් හේතුවෙන් ඔවුන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ නොහැකි බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ගාල්ලේ පැවති සුහද හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා, 

'මම නියෝජනය කරන්නේ සංකල්ප මත පදනම් වූ උපායමාර්ගික වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීම සඳහා යන ගමනක් ඒක නිසා මේකට කාටවත් විරුද්ධ වෙන්න බැරි වැඩපිළි‍වෙළක්. මේකට හේතු දක්වන්න බැහැ මේකට විරුද්ධ වෙන්නේ අහවල් හේතුවට කියලා. මොකද අපි බොහොම මහන්සි වෙලා, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඓතිහාසිකව වර්ධනය වුණ, ඒ සම්ප්‍රදායක දේශපාලනය තුළ සිදුවුණු වැරදි සමස්තයම එකවරම නිවැරදි කරන්නට පුළුවන් ආකාරයේ උපායමාර්ගික වැඩපිළිවෙලක් මහන්සි වෙලා හැදුවා. ඒක ගොඩක් සමීක්ෂණ, පරීක්ෂණ මත පදනම්ව ලෝකයේ වෙනත් රටවල් මෙවැනි තත්ත්වයක් තුළ කොහොමද මුහුණ දී ඇත්තේ කියන එකත් ඒවට ඒ අය භාවිත කරපු සංකල්ප මොනවද කියන එකත්, එතකොට අපි රටක් හැටියට ජාතියක් හැටියට අපිට වැරදුණේ කොතැනද කියන මේවා ඔක්කොම බලලා තමයි මේක හැදුවේ. මට කිසිම බැඳීම් නැහැ. මාව නඩත්තු කරන කළු ආර්ථිකයක් නැහැ. මම දවසට රැස්වීම් තුනක් හතරක් තියන්නෙත් නැහැ. රැස්වීම් තියලා රුපියල් 5,000ක් දීලා සෙනඟ ගේන්නෙත් නැහැ. එච්චර සල්ලි දෙන්න කෙනෙකුත් නැහැ. දුන්නත් ගන්නෙත් නෑ. මොකද එහෙම වුණොත් මේක කරන්නත් බැහැ. ඒ නිසා අනෙක් සියලුම අපේක්ෂකයින්ට කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැහැ. ඔවුන්ට උදව්කරන දේශපාලන කණ්ඩායම් දෙස බැලුවහම.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT