Local

අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන ජනපති

Tuesday, 29 October 2024 - 10:25 pm

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රි ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයනවලට සම්බන්ධ රජයේ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කර තිබෙනවා.

එමෙන්ම බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහළ දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් තුළ ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් මීට එක්ව සිටී අතර එක් එක් කර්මාන්තවලට අදාළව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් වී ඇති බව සඳහන්.

අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමේ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ආයෝජන ප්‍රවර්ධනය, නිසි නියාමනය, පර්යේෂණ හා සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, කර්මාන්තවල ඵලදායීතාව ඉහළ නැංවීම, වෙළෙඳපොළ ප්‍රවේශය ලබා ගැනීම, ඩිජිටල්කරණය මෙන්ම බදු සහන සැලසීම පිළිබඳව ද අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


Top Stories
wedivistara

වෙසක් ‍කලාප හේතුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

wedivistara

වෙසක් පුන් පොහොය දිනය අදයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

වෙසක් වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 8,742 ක්

wedivistara

ශ්‍රීපාද වන්දනා සමය හෙටින් අවසන් ‍වෙයි

wedivistara

අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැරේ

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

අප්‍රේල් මාසයේ ලංකා සතොසෙන් ආදායම් වාර්තාවක්

wedivistara

ඡන්ද ගණන් කිරීමේ රාජකාරීවල නිරත රාජ්‍ය නිලධාරීන්ට හෙට නිවාඩු ලබාදෙන ලෙස චක්‍රලේඛයක්


NEWS ALERT