මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රබලම අපේක්ෂකයන් දෙදෙනෙකු මේ වන විට පෞද්ගලික රූපවාහිනී නාලිකා දෙකක සංවාද සඳහා එක්වී සිටියි.
විපක්ෂ නායක හා සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා හිරු නාලිකාවේ ‘සලකුණ’ වැඩසටහනට එක්ව සිටියි.
ජාතික ජන බලවේග නායක හා එම පක්ෂ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට එක්ව ඇත.
එම වැඩසටහන් දෙකම විකාශය වෙමින් පවතින්නේ පෙර පටිගත කරන ලද වැඩසටහන ලෙස ලෙසයි.
වෙනදා මෙම නාලිකාවන් දෙකේම මෙම වැඩසටහන් විකාශ වූයේ සජීවී වැඩසටහන ලෙසය.