වසර 108 කට පෙර ඝාතනයට ලක්වූ ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
1915 වසරේ ජාතිවාදී අරගලය වර්ධනය කිරීමට ඔහු කටයුතු කිරීම තුළින් රාජද්‍රෝහී ක්‍රියාවක නිරත වූ බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව 1915 ජුලි 07 වනදා ඔහුට මරණ දණ්ඩනය ලබා දී තිබුණා.
එය එවක මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් බව පසුව හඳුනාගෙන තිබූ අතර එම ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කර ගෙන ඔහුට යුක්තිය ඉටු කිරීම සඳහා කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.