Local

නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෝ මෙරටින් හඳුනා ගැනෙති

Monday, 02 June 2025 - 9:07 am

ආසියානු කලාපයේ පැතිර යමින්ත පවතින නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින්ද හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ විසින් තහවුරු කර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනය කොවිඩ් ප්‍රභේදයන් හඳුනා ගැනීමට සිදු කළ පරීක්ෂණවලින් ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් වන දැනට ආසියානු කලාපයේ පැතිරයන LF.7, XFG සහ MV.1 යන ප්‍රභේද මෙසේ හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා “දිනමිණ”ට ඊයේ (31) පැවැසීය. පසුගිය මැයි මාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස විභාග අංශය වෙත ලැබුණු සියලුම කොරෝනා සාම්පලවල ජීනෝම් විශ්ලේෂණය සාර්ථකව සිදු කළ බවත් මෙම වාර්තාව අනුව හඳුනාගෙන ඇත්තේ Omicron ප්‍රභේදයට අයත් උප-ප්‍රභේද කිහිපයක් (LF.7, XFG සහ MV.1) බවට තහවුරු කර බවත් හෙතෙම කීවේය. මෙම ප්‍රභේද මේ වන විට චීනය, සිංගප්පූරුව, හොං කොං, සහ ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල ව්‍යාප්තව පවතින බවත්, ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වෛරසය සක්‍රීයව පැතිර නොමැති බවට පැහැදිලිව තහවුරු වන බවත් හෙතෙම පැවැසීය.

සන්ධ්‍යා කරුණාරත්න


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT