Local

විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වෙනසක්

Monday, 24 March 2025 - 2:21 pm

විශේෂ ආරක්ෂක දිසාව භාර සහ අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වෙනස් කමක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව  මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්.  දිසානායක විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩබ්. ඒ. ජේ. විශාන්ත අගමැති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT