Local

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට අවධානය

Wednesday, 15 November 2023 - 8:00 pm

2024 අයවැය යෝජනාවල දැක්වෙන ආකාරයෙන් සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කරන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසනවා.

ඒ අනුව මත්පැන් නිෂ්පාදනාගාර ආශ්‍රිතව පවතින ඉතාමත් අඩු ගාස්තු ප්‍රමාණයන් සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

එසේම මත්පැන් කර්මාන්තයේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතුළුවීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි පිළිගත් ආයෝජන හැකියාවකින් යුක්ත පිරිසට පමණක් ඊට පිවිසීමට අවස්ථාව ලබාදීමටත් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

සුරාබදු බලපත්‍ර විවෘත කර තැබීමේ කාලසීමාවන් කාලානුරූපීව සංශෝධනය කිරීමටත් බලාපොරොත්තු වන බවයි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT