Local

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරුගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Thursday, 05 June 2025 - 12:06 pm

විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙසට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකාර හිටපු යුධ හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සැකකරු එසේ අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ වින්දිත වෛද්‍යවරියට අපහාස කර, ඇය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්, අධිකරණය යොදාගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බවයි.

සැකකරු විවෘත අධිකරණයේදී මීට පෙර මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවත්, අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු කරමින් සැකකරුගේ මෙවැනි ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශ සඳහා ඉඩ ලබා නොදෙන ලෙසත් එහිදී උප පොලිස් පරික්ෂකවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

සැකකරු ජුනි 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT