Local

මිලියන 321ක බෙහෙත් ෆේල්

Sunday, 20 October 2024 - 10:19 pm

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් ඉකුත් වර්ෂයේ දී (2023) මිල දී ගනු ලැබූ ඖෂධ තොග අතුරින් රුපියල් මිලියන 321.24ක වටිනාකමින් යුතු ඖෂධ වර්ග 26ක් තත්ත්වයෙන් අසමත් වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

එසේ තත්ත්වයෙන් අසමත් ව තිබූ ඖෂධ වර්ග 19ක් සඳහා අදාළ සැපයුම්කරුවන්ගෙන් රුපියල් මිලියන 288.71ක මුදලක් අය කර ගෙන නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. 2022 හා 2023 යන වර්ෂවල දී ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම නිසා සංස්ථාවට දැරීමට සිදු වූ මුළු අලාභය රුපියල් මිලියන 86.37කි.

අයකර නොගත් මුදල් සැපයුම්කරුවන්ගෙන් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT