Local

ආර්ථිකය ගොඩනඟන ජනපතිගේ වැඩ පිළිවෙළ බෝරා ආධ්‍යාත්මික නායකයාගේ පැසසුමට

Monday, 04 March 2024 - 8:20 am

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ ඇගයීමට ලක් විය. මේ බව ප්‍රකාශ කෙරු‍ණේ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තු මා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (03) සිදු වූ අවස්ථාවේදීය. ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ් තුමා සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුහද කතාබහක නිරත විය. එමෙන්ම බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මේ වසරේදී පැවැත්වීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි. බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර 4ක් පුරා සිදු කළ ආගමික සේවා ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක්ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි. බෝරා ප්‍රජාවේ නායකයන් ඇතුළු නියෝජිත පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර, මිලියනයකට අධික බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්තානය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT