Local

ශ්‍රීපාදයට යන මාර්ගයක් වසා තැබීම ගැන දැනුම්දීමක්

Saturday, 14 June 2025 - 6:15 pm

ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන් ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10ක කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එම මාර්ගයේ ඇති පාලමක් ගිලා බැසීමේ අවදානමක් ඇති අතර, ඒ සඳහා නව පාලමක් ඉදිකිරිමට මාර්ගය වසා තබන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද (14) සිට ජුනි 24 වැනිදා දක්වා දින 10ක කාලයක් එම මාර්ගය වසා තැබීමට නියමිතයි.

මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ දෙස සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල - පොල්පිටිය - ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය හෝ හැටන් - නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT