Local

උසස් පෙළට පෙනී සිටි දරුවන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 සිට

Monday, 26 February 2024 - 9:53 am

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට මෙමඟින් හැකියාව ලැබෙන බවත් රට පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බව ද ඇමැතිවරයා පැවසුවේය. වරාපිටිය පාසල් පර්ශදයේ පෝෂිත පාසල් සඳහා සම්පත් බෙදා දීමේ වැඩසටහනට ප්‍රධාන ආරධිතයා ලෙස එක්වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදා ප්‍රකාශ කළේය.

සිසුන් 200ට අඩු පාසල් සඳහා පාසල් බෑග්, පාසල් උපකරණ කට්ටල, පාසල් පාවහන් වවුචර, අභ්‍යාස පොත් කට්ටල ලබාදීමත් මීට සමඟාමීව සිදුකෙරිණි. වරාපිටිය මහ විද්‍යාලයට, හඳුගල මහ විද්‍යාලයට සහ කැකිරිඕබඩ මහ විද්‍යාලයට විදුලි පා පැදි දෙක බැඟින් ලබාදීමත් එම පර්ශදයේ තවත් පාසල් හයකට විදුලි පාපැදි ලබාදීමත් සිදු වූ අතර ක්‍රීඩාභා‍ණ්ඩ ලබාදීම ද සිදු කෙරිණි.

පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවත් දැනට සෑම කලාපයකටම එක බැඟින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100ක් වන බවත් ඉදිරියේ දී එම සංඛ්‍යාව තවත් 17කින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය. ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත්වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇතැයි ද, ඉදිරි සති කිහිපය ඇතුළත සෑම පාසලකම පන්ති කව ආරම්භ කළ යුතු අතර ඒ හරහා දරුවන් සම්බන්ධයෙන් මවුපියන් මැදිහත් විය යුතු ආකාරය දැනුවත් කළ යුතු යැයි ද ඇමැතිවරයා කීය.

විශේෂයෙන්ම පාසල්වලට මත්ද්‍රව්‍ය පැමිණීම වළක්වා ගැනීමට සමස්ත පාසල් ප්‍රජාවගෙන් සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවත් ගුරු වැටුප් විසමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ සාකච්ඡා කරන අතර දැනටමත් රජය සියලු‍ රජයේ සේවකයන් වෙනුවෙන් වැඩි කළ වැටුප් ගෙවීමට වසරකට රුපියල් බිලියන එකසිය පනහක් වැය කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

උසස් පෙළින් පසු දරුවන් නිවසේ නතර වෙනවා වෙනුවට තමා කැමති ක්ෂේත්‍රයකින් ඉදිරියට යාමට අවස්ථාව මෙම වෘත්තීය පුහුණු වැඩසටහනෙන් සලසා දෙන බවත් මෙම වෘත්තීය පුහුණු වැඩසටහන සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ මඟ පෙන්වීම් යටතේ තමාට ආසන්නතම මධ්‍යස්ථානය වෙත ගොස් පාසල් කාල වේලාවෙන් පසු දිනකට පැය දෙකහමාර බැඟින් පැවැත්වෙන පුහුණු වැඩසටහන සමඟ එක් විය හැකි බවත් ඇමැතිවරයා කීය. එළැඹෙන මැයි, ජූනි මාස ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ලක්ෂයක් සඳහා ද විභාගයෙන් පසු මෙම පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් මේ සියලු‍ සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවනුයේ ඉදිරියේ දී හඳුන්වාදෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමඟ සමස්ත අධ්‍යාපන පද්ධතිය සම්බන්ධ කරවීම වෙනුවෙන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා හයවැනි ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේ දී හැදෑරීමට ඇති විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් හතක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවැසීය.

ඉතිරි විෂයන් තුන සිසුන් වෙසෙන ඒ ඒ පළාත් අනුව ආවේණික කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් හැදෑරීමට අවස්ථාව සලසා දෙන බව ද ඇමැතිවරයා පැවසුවේය. පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් විශ්වවිද්‍යාලයට යාමට සියලු‍ සිසු දරුවන්ට නොහැකි වුවත් වෘත්තීය මාර්ගෝපදේශනය තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි භාෂාව සහ තමන් අභිමත විෂයක් හැදෑරීමට අවස්ථා සලසා දීම මෙම වැඩසටහනේ අරමුණ වේ. අනාගතයේ රටේ ආර්ථිකයට සක්‍රීයව දායක විය හැකි තාක්ෂණය සුහුරු ලෙස භාවිත කිරීමට සමත් වූ දැනුම යාවත්කාලීන වූ දරුවන් පිරිසක් අධ්‍යාපනය තුළින් බිහිකිරීමට දායක වන ලෙසටද අමාත්‍යවරයා මෙහි දී ඉල්ලා සිටියේය.


Top Stories
wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

wedivistara

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ සැකකරුගේ සහෝදරිය අත්අඩංගුවට

wedivistara

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

wedivistara

අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට

wedivistara

පොල් පැළ ලක්ෂ 04ක් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීමට තීරණයක්

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර

wedivistara

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදෙයි


NEWS ALERT