Local

සියලු පෙර පාසල් එකම රාමුවකට

Sunday, 28 January 2024 - 4:12 pm

වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින මෙරට සියලු පෙර පාසල්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙය වීම යටතේ ජාතික අධ්‍යාපන අයාතනය විසින් ලබාදෙන මෙම පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මෙරට පෙරපාසල් 19000 ක පෙර පාසල් ගුරුවරුන් 34000 ක් පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිරතව සිටි. ඔවුන් අතර විධිමත් පුහුණුවක් ලද පෙර පාසල් ඩිප්ලෝමාධාරින් සිටිනුයේ 6000 ක් පමණක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ලොව බොහෝ දියුණු රටවල පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කරන නමුත් මෙතෙක් මෙරට පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිසි අවධානයක් යොමු කර නොමැති බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම 2025 වර්ෂයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන්නේ නම් පළමුවැනි ශ්‍රේණියට ප්‍රවේශ කරවන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනයද ඒ හා අනුගත විය හැකි අයුරින් සිදු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

රජය මගින් ක්‍රියාවට නංවන පෙරපාසල්, ජාත්‍යන්තර පාසල්වල ක්‍රියාත්මක පෙර පාසල්, රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්වල ක්‍රියාත්මක පෙර පාසල්, පළාත් සභා මට්ටමින් ක්‍රියාවට නැංවෙන පෙරපාසල් මෙන්ම පුද්ගලික මට්ටමින් ක්‍රියාවට නැංවෙන පෙර පාසල් සියල්ලෙහිම පොදු විෂය රාමුවක් පවත්වාගෙන යාමට ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වන බවද ප්‍රාදේශීය මට්ටමින් සංස්කෘතික හා සමාජමය කරුණු මත යම් යම් සුවිශේෂතා පැවතිය හැකි නමුත් ප්‍රධාන අරමුණු සමග ඒකාත්මික වන පොදු විෂය රාමුවක් ක්‍රියාවට නැංවීම පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් අවධාරණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපති පද්මිණී රණවීර ,ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි පිරිස්යාල , අතිරේක ලේකම් උදාරා දික්කුඹුර, මහත්ම මහත්මීන් ද අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රාථමික අධ්‍යාපන අංශ ප්‍රධානීන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT