Local

මාතලේ රක්ෂිතවලට කුණු දැමීම පුරුද්දට ගිහින් ජලපෝෂක ප්‍රදේශ හා රක්ෂිත අනතුරේ

Friday, 26 January 2024 - 8:10 am

රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන දිගින් දිගටම ප්‍රජාව දැනුම්වත් කළද පොදු හා සොභා රක්ෂිත ප්‍රදේශවලට කැළි කසළ බැහැර කිරිම් නැවතී නැතැයි පරිසර ලෝලීහු කියා සිටිති.

අධි සංවේදී පරිසර පද්ධතියක් වන නකල්ස් සොභා රක්ෂිත ප්‍රදේශය, මොරගහකන්ද ජල පෝෂක කලාපය, නාලන්ද ජලාශ රක්ෂිතය, බෝවතැන්න ජලාශ රක්ෂිතය මෙන්ම ඒ නවය මාර්ගය දෙපස හා නාඋල ප්‍රදේශයේ පාරිසරික වශයෙන් සුන්දර ස්ථාන මෙන්ම මොරගහකන්ද ජලාශ පිවිසුමට සමීප වන මාර්ගය දෙපස ආදී සුවිශේෂි ස්ථාන රැසකට අරක්කු බෝතල්, සායනික අපද්‍රව්‍ය, සනිපාරක්ෂ තුවා, බීර ටින් වර්ග, පොලිතීන් විශේෂ මෙන්ම නරක් වු කෑම වර්ග ද කිසිදු වග විභාගයකින් තොරව භාහිර පරිසරයට මුදා හැරිම් වැඩි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ අතර රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘දුම්බර මිතුරෝ’ පරිසර සංවිධානය කියා සිටියේ සොභා රක්ෂිතවලට කැළිකසළ හා නොදිරන අපද්‍රව්‍ය බැහැර කිරීම් හේතුවෙන් වඳවීයෑමේ තර්ජනයන්ට ලක්ව ඇති ශාක හා සත්ත්ව විශේෂ රැසක් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් පසුගිය සමය තුළ පොලිසි, රාජ්‍ය ආයතන මෙන්ම ස්වෙච්ඡා සංවිධාන විසින් කැළි කසළ ඉවත් කිරිමේ කටයුද අඛණ්ඩව සිදු කරමින් සිටිය ද ඊට සාපේක්ෂව කැළි කසළ බැහැර කිරීම් ද සමානුපාතිකව සිදුවන බව එම පරිසර සංවිධානය අවධාරණ කරයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT