Local

අපේ සාගර කලාපය වගේම ඉන්දීය සාගරයත් සුරැකීමේ වගකීම නාවික හමුදාවට පැවරී තිබෙනවා

Monday, 04 March 2024 - 7:45 am

නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළගණයට වර්ණ ප්‍රදානය කරමින් ජනපති ත්‍රිකුණාමලයේදී කියයි

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දීය සාගර කලාපයද ආරක්ෂා කරගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානි වීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බළගණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී පසුගියදා (1) පැවති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනි.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාවික හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි. ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කැප වූ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයට ජනාධිපති වර්ණ ප්‍රදානය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණය හා අනෙකුත් යුද නෞකා මඟින් මහ සයුරේ සිදු කළ විචිත්‍රවත් සන්දර්ශනයකින්ද මේ අවස්ථාව වර්ණවත් විය.

මේ අතර ඩ්‍රෝරා යාත්‍රාවක නැඟ මුහුදේ නැංගුරම්ලා තිබූ ක්‍රියාන්විතයන්ට එක් වූ නෞකා නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් වූ අතර යාත්‍රා බළගණ තොටුපොළේ තිබූ නෞකාද නිරීක්ෂණය කළේය. ගජබාහු, සමුදුර, පරාක්‍රමබාහු, සාගර, උදාර, ශක්ති, නන්දමිත්‍ර, සයුරල යන යුද නෞකා මෙලෙස සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විධිමත් නිරීක්ෂණයට ලක් විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර, නාවික හමුදා කඳවුරේ ලොග් සටහන් පොතෙහි ජනාධිපතිවරයා සටහනක්ද තැබීය.

ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය:

“අද නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයට ඉතා වැදගත් දිනයක්. අද මේ බළගණයට ජනාධිපති සම්මාන පිරිනැමුවා. මේ බලගණය ආරම්භ කර වසර 30ක් ගතව තිබෙනවා. 1993දී මේ බළගණය ආරම්භ කළා. අපේ යුද හමුදාවට විශේෂ සේවා අංශ දෙකක් තිබෙන නිසා නාවික හමුදාවෙත් මෙවැනි අංශයක් ආරම්භ කිරීමට එදා තීරණය කළා. දීර්ඝ කාලයක් අපේ නාවික හමුදාපතිවරුන් මේ පිළිබඳ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කළා.

එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී නාවික හමුදාවේ උපක්‍රමයක් ලෙස මේ බළගණය හඳුන්වා දිය හැකියි. ඒ නිසා මේ බළගණයෙන් ඉටු වූ සේවාව වෙනුවෙන් මා මෙහිදී මාගේ ස්තුතිය ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම එතැනින් නොනැවතී ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැදගත් අංශයක් ලෙස මේ බළගණය ගෞරවයට සහ පිළිගැනීමට ලක්ව තිබෙනවා.

“එසේම පසුගිය යුද සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාව රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළා. එහිදී ජීවිත පුද කළ සියලු සාමාජිකයන් සහ අහිමි වූ සම්පත් පිළිබඳ ඉතිහාසයේ ලියවී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මෙන්ම ඉන්දීය සාගර කලාපයේද ආරක්ෂාව වෙනුවෙන් ඉතිහාසයේ සිට අපගේ නාවික හමුදාව කැප වී කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වන එක්සත් ජාතීන්ගේ ගිවිසුමටද අප එකඟ වී සිටිනවා. ඉන්දීය සාගරය තුළ අපේ ආර්ථික වැඩසටහන්වලට හානි වීමට ඉඩ දෙන්න බැහැ.

“ඒ වගේම රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් අපගේ නාවික හමුදාව යෙදවීමට අප කටයුතු කළා. 1967 ඊශ්‍රායල අරාබි යුද්ධයේදී සූවස් ඇළ වසාදැමීම හේතුවෙන් නාවික ගමනාගමනයට හානි වීම නිසා වසර 10ක් කොළඹ වරායේ වැඩ කටයුතු නැවතී තිබූ අන්දම අපට මතකයි. ඉන්දීය සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් වගේම සූවස් ඇළ සහ රතු මුහුද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සහ අපේ වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප කටයුතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම ඉදිරියේදීද අපේ නාවික හමුදාව මේ වැඩකටයුතුවල සාර්ථකව නිරත වනු ඇතැයි මා බලාපොරොත්තු වනවා.

“අද මේ වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික ස්ථානයක. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේම ප්‍රධාන වරායක් ලෙස ත්‍රිකුණාමල වරාය සලකනු ලබනවා. අනුරාධපුර සහ පොලොන්නරු යුගවලදී මේ වරායට වැදගත් තැනක් හිමි වුණා. දෙවැනි ලෝක යුද්ධයේදී ආසියා කලාපය තුළ බිතාන්‍යයන්ගේ ජය්‍රහණයට එක් හේතුවක් වූයේ මේ වරායයි. රපේ රටට අයිති මේ වරාය අප ආරක්ෂා කරගත යුතුයි. එහිදී අප මධ්‍යස්ථව කටයුතු කළ යුතුයි. අද මට සේනාධිනායකයා ලෙස නාවික හමුදා බළඇණිය පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබුණා. ඔවුන්ටත්, සමස්ත නාවික හමුදාවටත් රට වෙනුවෙන් ඉටු කරන සේවාවට ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.”

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නැඟෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයේ ප්‍රධානි කපිතාන් ධර්මසිරි හේරත් මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහ නාවික හමුදා සාමාජිකයෝ පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT