Local

ඩයනා ගමගේට එරෙහි නඩුව මාර්තු 05 කැඳවීමට නියෝග

Saturday, 11 January 2025 - 7:16 pm

කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය කොළඹ මහාධිකරණය හමුවේ කියවා තිබෙන බව වාර්තා වනවා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම චෝදනා කියවාදීම සිදුකර ඇති අතර, ඉන් අනතුරුව එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව විත්තිකාර ඩයනා ගමගේ විසින් සඳහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මූලික විරෝධතා මතු කරමින්, මෙම නඩුවට පාදක වන ලියවිල්ල සකස් කොට ඇත්තේ 2003 වසරේ දී බවට සඳහන් කර තිබෙනවා.

එහෙත් ඊට අදාළව නඩු පවරනු ලැබුවේ 2024 වසරේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, ඒ අනුව වසර 20 කට වැඩි කාලයක් ගතවී ඇති හෙයින් අදාළ ලියවිල්ල සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිමය හැකියාවක් නොමැති බවට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම කරුණ නඩු විභාගයේදී සලකා බලන බවට සඳහන් කළ අතර, නඩුව මාර්තු මස 05 වනදා විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT