Local

ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා ස්වීඩනයේ කාල් ගුස්ටාෆ් රජු බැහැදකී

Saturday, 22 June 2024 - 7:03 am

ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ෆොන්සේකා මහතා ස්ටොක්හෝම්හි රාජකීය මාලිගයේදී එරට කාල් ගුස්ටාෆ් රජු විසින් පිළිගෙන තිබේ.

රාජකීය මාලිගයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකින් අනතුරුව මේ පිළිගැනීම සිදුව තිබෙන අතර, එහිදී ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් රජු වෙත පිරිනමා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ අතර කාල් ගුස්ටාෆ් රජුට නීරෝගි සුවයද ප්‍රාර්ථනා කර තිබේ.

ජනාධිපතිවරයාගේ සුබපැතුම් පිළිගෙන ඇති ස්වීඩන රජතුමා ඔහුගේ සුබපැතුම් පිරිනමා තිබෙන අතර ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර දීර්ඝ කාලීන සහ සුහඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට තමන් කැප වන බවට තානාපති කපිල ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇත. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි වසර සිහිපත් කරමින් ශ්‍රී ලංකා තානාපතිවරයා මිත්‍රත්වයේ සහ සහයෝගිතාවේ ශක්තිමත් පදනම මත ගොඩනැඟීමට තම කැප වීම අවධාරණය කර තිබේ. ස්වීඩනය නිදහසින් පසු ශ්‍රී ලංකාව විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත් පළමු රටවලින් එකක් වෙයි. ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක සසංග නිකපිටිය මහතාද ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ මේ අවස්ථාවට එක්ව සිටියේය.

මහින්ද අලුත්ගෙදර


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT