Local

රජයේ වාහනයක් කිලෝමීටරයක් ධාවන කිරීමට රුපියල් 300ක් වැයවන බවට අනාවරණයක්

Friday, 29 March 2024 - 7:35 am

රාජ්‍ය ආයතන සතු වාහන ධාවනයේදී කිලෝමීටරයක් සඳහා රුපියල් 300ක පමණ පිරිවැයක් දරන බව ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

කෙසේ නමුත් එය රුපියල් 100ක් දක්වා අඩුකළ හැකි බවට එම අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මෙම තොරතුරු අනාවරණ වී ඇති අතර 2022 වසරේ සංඛ්‍යා ලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බවද එමඟින් පෙන්වාදී තිබෙනවා.

ඉන් වාහන 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත් වාහන 5,500ක් පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවත් එහිදී අනාවරණ වී ඇති අතර ධාවන තත්ත්වයේ පවතින එක් වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රුපියල් 300ත් 500ත් අතර වන බවයි මෙම පර්යේෂණ පත්‍රිකාව මඟින් අනාවරණ කර ඇත්තේ.

එහෙත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මඟින් ලබාගන්නේ නම් රුපියල් 100ක් හෝ ඊට අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බවත්, ක්‍රමානුකූලව රාජ්‍ය ආයතන සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රුපියල් බිලියන 20ක් පමණ රාජ්‍ය වියදම ඉතිරිකර ගත හැකි බවයි වැඩිදුරටත් අනාවරණය වී තිබෙන්නේ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT