Local

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ගැන දින තුනක විවාදයක් දෙන්න

Friday, 12 January 2024 - 9:40 am

කවර රජයක් බලයට පත්වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ මිස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවට මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධ‍යෙන් දින තුනක විවාදයක් ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ඉල්ලා සිටියේය.

මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුව සතු බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ මිස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවට මහ බැංකු අධිපතිවරයා සිදු කර ඇති ප්‍රකාශය අතිශය වැදගත් ප්‍රකාශයක් බව ද ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එබැවින් මේ සම්බන්ධයෙන් පුළුල් ජාතික සංවාදයක් ගොඩනැඟීම අතිශය වැදගත් බවත් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දින තුනක විවාදයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් කථානායකවරයාගෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

ඒ අනුව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සිදු කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධාකය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදු කළ විමසීමක් සම්බන්ධයෙන් සිය අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද පැවසීය.

මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන නිසා, ඉදිරියට කවර රජයක් බලයට පත්වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ මිස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බව මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රකාශය අතිශය වැදගත් ප්‍රකාශයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් සංවාදයක් ඇති කර ගැනීම අතිශය වැදගත්.

එම නිසා මුදල් නිකුත් කිරීමේ බලය සහිත මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීම ජාතික වශයෙන් ඉතාමත් වැදගත් වන බැවින් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් මහ බැංකු අධිපතිවරයාගේ 2024 වර්ෂයට සම්බන්ධ ප්‍රකාශය පිළිබඳ දින තුනක විවාදයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් සිදු කරනවා යැයි කීවේය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරන බවයි.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT