Local

පාස්පෝට් අර්බුදය උග‍්‍ර වේ.. ආගමන විගමන පාලක ඉල්ලා අස් වෙයි..

Sunday, 18 August 2024 - 9:14 pm

වන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ පොත් අවසන් වීමත් සමග දෛනිකව නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍ර ගණන 250 කට සීමා වී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම දින වේලා වෙන්කර නොගනිමින් පැමිණෙන පාස්පෝට් අයැදුම්කරුවන් 30 දෙනකු සඳහා පමණක් පාස්පෝට් නිකුත් කිරීමටද පියවර ගෙන තිබේ. ගුවන් ගමන් බලපත්‍ර ඊ පාස්පෝට් ක්‍රමවේදයට සිදුකිරීමට ගත් තීරණයත් සමග මේ වසර සඳහා අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍ පොත් මිලදීගෙන නොතිබිණි.

කෙසේ වෙතත් ජූලි මාසයේදී ලැබීමට තිබූ ඊ පාස්පෝට් පොත් ඔක්තෝබරය දක්වා ප්‍රමාද වීම මත ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු පාස්පෝට් පොත් ප්‍රමාණය ශේෂ වීමට පටන්ගෙන තිබිණි. මේ හේතුවෙන් පාස්පෝට් නිකුත් කිරීම උපරිමයෙන් සීමා කිරීමට පියවරගෙන ඇත.

දෛනිකව පාස්පෝට් 1,300ක් පමණ මුද්‍රණය කළත් මේ වන විට එය 250ත් 300ත් අතර ගණනකට පහත වැටී ඇත.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පසුගියදා සඳහන් කළේ හදිසි අවශ්‍යතාවක් නැතිනම් ඔක්තෝබරය දක්වා පාස්පෝට් අයැදුම් නොකරන ලෙසය. මේ හේතුවෙන් උද්ගත වී ඇති පීඩනකාරී තත්ත්වය මත ආගමන විගමන පාලක ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීම පවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇතැයිද වාර්තා වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT