Local

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල පුළුල් මෙහෙයුමක්…

Saturday, 21 September 2024 - 6:26 pm

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 200 දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇතිබව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් යෙදවීමට පියවර ගන්නා බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට නිරීක්ෂකයින් දෙදෙනා බැගින් යෙදවීමට කටයුතු කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීෂ් මහතා පැවසීය.

ඡන්ද ගණන් කිරීමේ එක් මධ්‍යස්ථානයකට එක් නිරීක්ෂකයෙකු බැගින් යෙදවීමට කටයුතු කරන බව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී අර්ජුන පරාක්‍රම මහතා පැවසීය.

අවශ්‍ය වුවහොත් මනාප ගණන් කිරීමේ කාර්‍ය නිරීක්ෂණය කිරීම සඳහා එම කණ්ඩායම යොදවන බව පැවසීය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව නිරීක්ෂණ කටයුතු සිදුකරන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර මහතා පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT