දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති නීතිඥ එම්ග ඒ. සුමන්දිරන් මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්විය.
ඒ සුමන්දිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීය.
එම හමුවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගිවිය.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කර තිබේ.
ඉදිරියේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්රකාශ කළ බව සුමන්දිරන් මහතා පැවසීය.