ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝ කිසිවෙකුගේ මුදල් අමාත්‍යවරයෙක් ලෙස නොව ජාතික නායකයෙක් ලෙස සිය වගකීම ඉටු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.
බංකොලොත් වූ රටක අසීරු අවස්ථාවක මෙම අයවැය ඉදිරිපත් කර ඇති බවද ඒ තුළින් මහජන සහන විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය දෙසැම්බර් මාසයේ ලැබුණු පසු ජනතාවට පෙබරවාරි මාසයේ තවත් සහන ප්‍රමාණයක් ලබාදීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.