Local

කොටහේන පරමානන්ද පුරාණ මහා විහාරයේ සති පිරිත් පින්කම දේවදූත පෙරහර මහ ඉහළින්

Wednesday, 31 January 2024 - 9:51 am

කොළඹ 13 කොටහේන පරමානන්ද පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කරන සති පිරිත් පින්කම, දේවදූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාව පසුගියදා පැවැත්විණි.

අනාදිමත් කාලයක සිට කරන මේ පුණ්‍යකර්මය ධර්ම දේශනා මාලාවකින් ආරම්භ විය. මේ කටයුතු වත්මන් විහාරාධිපති තඹවිට විමලවංශ නාහිමියන්ගේ මෙහෙයවීම මත සිදුවුණහ. වර්ෂ 1800 කාලයේදී පමණ ආරම්භ කරන්න යෙදුණු මේ සති පිරිත් පින්කමේ මූලික අරමුණ ආදී කර්තෘන් වහන්සේලා සිහිකිරීමත් මියගිය දායක සැමට පින් පැමිණවීමත්ය.

සතියක් පුරාවට මහ සඟරුවන පනස් නමකට ආසන්න පිරිසක් පන්සලේ වැඩ සිටි අතර දායක පින්වතුන් හා අවට විහාරස්ථානවලින් ද දානමාන ගිලන්පස පූජා කෙරිණි. පිරිත් පින්කම සඳහා දඹදෙණිය රජමහ විහාරස්ථ සසුන් මඟ සංවිධානයේ මහ සඟරුවන එක්වූහ. මෙවර අනුශාසනා අස්න පවත්වනු ලැබුවේ බණ්ඩාරගම රයිගම කහබිලියාවත්ත ශ්‍රී ලේඛනාරාමාධිපති කෙසෙල්හේනාවේ ධම්මතිලක හිමියන් විසිනි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT